ගල්කිරියාගම පුබ්බෝගම ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් කුඩා දරුවකු ද මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
දහවල් 12 ට පමණ දඹුල්ල සිට පැමිණි කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනා යටකරගෙන ගොස් ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
24 හැවිරිදි කාන්තාවක් කැබ් රථයට සහ ගසට සිරවී මියගොස් ඇති බව සඳහන්.
තුවාල ලබා ඇත්තේ ඇයගේ කුඩා දරුවායි.
අනතුරින් මරණයට පත්වු අනෙක් කාන්තාව මියගිය 24 හැවිරිදි කාන්තාවගේ මව බව අප වාර්තාකරු ප්රකාශ කලා.
තුවාල ලැබු දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඔවුන් පුබ්බෝගම කටුපත්තාගම ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
කැබ් රථයේ රියදුරා ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඡායාරූප - කැකිරාව කුෂාන් ජයවර්ධන

Follow US
Most Viewed Stories