මහානාම විදුහලේ ගුරුවරියකට වන්දි ගෙවන්නැයි නියෝග

Wednesday, 28 September 2016 - 16:07

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
මහානාම විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නිරත වූ ගුරුවරියකට වන්දි ගෙවන ලෙස විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වූ ප්‍රේමලාල් කුමාරසිරිට සහ එම විද්‍යාලයේ ගුරුවරයෙකු වූ තුසිත තිලිණ මාලේගොඩට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.  

ඒ අනුව අදාල ගුරුවරියට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දියක් ගෙවන ලෙසටයි මොවුන්ට නියෝග කර ඇත්තේ.

2011 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ලංකා ගුරු සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමේ චෝදනාව මත මෙම ගුරුවරියගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම සිද්ධිය මුල් කරගනිමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එහි තින්දුව ලබාදෙමිනුයි මෙලෙස වන්දි ගෙවන ලෙස නියෝග කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories