විනිසුරුවරුන්ට බලපෑම් කරමින් තීන්දු විවේචනය කරන, මාධ්‍යයට එරෙහිව නීතිමය පියවර ගන්න ශ්‍රී ලංකා නීතීඥ සංගමය සූදානම්

Wednesday, 28 September 2016 - 18:05

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අධිකරණ කටයුතු සහ විනිසුරුවන් සම්බන්ධයෙන් පළ කෙරෙන ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් සඳහන් කළේ විනිසුරුවරුන්ට බලපෑම් කරමින් කටයුතු කරන මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙනියද එක්ව සිටියා.

මේ අතර, ඇතැම් විනිසුරුවරුන්ගේ දුරකතනවලට රහසේ ඇහුම්කන් දෙන බවට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඊයේ හෙළිදරව්වක් කළා.

ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡාවට ලක්වූ අතර, ඊට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවිය යුතු බවයි.

මේ තියෙන්නේ අද ලංකාදීප පුවත්පත, විනිසුරුවරයෙක්ගේ දුරකථන ටැප් කරලා, ජනාධිපති නීතිඥ වර්ණකුලසූරියගේ නීතිඥ සංගමයට පැමිණිල්ලක්, නීතිඥ සංගමයට විතරක් නෙවෙයි පැමිණිල්ල කරන්නේ CID එකට පරීක්ෂණ කරන්න පුළුවන් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පොලිස් කොමිසමට පුළුවන් මේ පිළිබඳව පැමිණිළි කරන්න, මානව හිමිකම් කොමිසමට පුළුවන් පැමිණිලි කරන්න,

මානව හිමිකම් ගැන කථා කරමින් මෙවැනි ක්‍රියා සිදුකිරීම අනුමත කළ නොහැකි බව මාධ්‍ය හමුවට එක්වු ජ්‍යෙෂ්ඨ නීති විශාරදයෙකු වන මහාචාර්ය ජී.එල්.පීරිස් ද ප්‍රකාශ කළා.  

පුවත් පතක පළවෙලා තිබුණා හේමන්ත වර්ණකුලසූරිය මැතිතුමාගේ ඒ ඉල්ලීම විනිශ්චයකාරවරුන්ට හිතේ කිසිම බයක් සැකයක් නැතුව ඉෂ්ට කිරීමට පුළුවන් විදිහේ වාතාවරණයක් ඒක මේ යුක්තිය පසිඳුවාලීම සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් දෙයක් කියලා, ඒක රජයේ කාර්යභාරයක්

මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මෙම කරුණ පිළිබඳවද මාධ්‍යවේදීන් නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙනියගෙන් කරුණු විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදීමේදී එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්ද මැදිහත් වුණා.  

ඔවුන් සඳහන් කළේ එවැන්නක් සිදුවී ඇත්නම් එය බරපතල තත්ත්වයක් බවයි.

ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද ඔවුන් සඳහන් කළා.

අධිකරණ කටයුතුවලට යම් බලපෑම් පවතින බවයි ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍යවේදීන් එහිදී නීතිඥ සිසිර ජයකොඩිගෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මැදිහත් වුණා.

නීතියට අනූව විනිසුරුවරයෙක්ගේ විතරක් නෙවෙයි අපේවත් එහෙම ඇහුම්කන් දෙන්න බැහැ, එහෙම අයිතියක් රහස් පොලීසියටවත් කාටවත් අයිතියක් නැහැ, රාජකාරියට කරන අයුතු බලපෑමට අතිරේකව ඒක පෞද්ගලික ජීවිතයක ඇතුළුවීමක්, ඒක කරන්න සී අයි ඩී එකට අයිතියක් නැහැ, සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම නොකරනවා ඇත්ද විනිසුරුවරුන්ටත් එහෙම කරනවානම්,

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුලත් වීඩියෝව පහතින්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories