පොලිසියට පහරදුන් බීමත් රියදුරා

Friday, 30 September 2016 - 6:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F
කිලිනොච්චිය නගරයේදී බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවකදී පොලිස් නිලධාරීන් හා අදාළ රියදුරා අතර ඇතිවන ගැටුමක දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

බීමත් රියදුරා පාලනය කරගැනීමට පොලිස් නිලධාරීන් යකඩ දම්වැලකින් ඔහුට පහරදෙන ආකාරයද එම දර්ශනවල ඇතුළත්.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කිලිනොච්චි නගරයේදී.  

කිලිනොච්චි පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් මෙම ට්‍රැක්ටරය නවතා ඇත්තේ අදාළ රියදුරු කිලිනොච්චි දුම්රියපොළ අසල අනතුරක් සිදුකර පළායමින් සිටියදී.

පොලිසිය පැවසුවේ එම අවස්ථාවේදී අදාළ රියදුරා බීමතින් සිටි බවයි.

පොලිසිය පැවසුවේ ට්‍රැක්ටරය නතරකළ මොහොතේ යකඩ දම්වැලකින් ඔහු මාර්ගයේ රැස්ව සිටි පිරිසට පහර දී ඇති අතර පසුව එම දම්වැල පොලිසිය
භාරයට ගත්බවයි.

පසුව ප්‍රදේශවාසීන් එක්ව බීමත් රියදුරා අල්ලා පොලිස් භාරයට පත්කර ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ රියදුරා ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories