ලෝක සංක්‍රමණික අර්බුදය ශ්‍රී ලංකාවටද බලපානවා - ජනපතිගෙන් ප්‍රකාශයක්

Friday, 30 September 2016 - 8:05

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AF+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද ලෝකයේ සංක්‍රමණික අර්බුදය බරපතල වී ඇති අතර, සියලූම රාජ්‍යයන් ඊට අදාළ නව අභියෝග රැසකට මුහුණ දී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ නව අභියෝගවල සුලං රැලි ශ්‍රී ලංකාවටද බලපාන බවයි බත්තරමුල්ල - ඉසුරුපාය ගොඩනැගිල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයකට ඊයේ (29)පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවටද නව ගැටලූ ගැන අවබෝධයෙන් නව නීති සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, 67 වැනි චීන ජාතික දින සැමරුම සහ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට වසර 35 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයකටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ සහභාගි වුණා.

බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා කියා සිටියේ ඵෙතිහාසික සොඳුරු මිතුදමකට හිමිකම් කියන ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය දිනෙන් දින ශක්තිමත් වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories