ත්‍රිකුණාමල වරායේ නව ජැටියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Friday, 30 September 2016 - 8:15

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ලෝකයේ ගැඹුරුතම ස්වභාවික වරායන් අතුරෙන් එකක් සහ ආසියාවේ දෙවැනි ගැඹුරුතම වරාය වන ත්‍රිකුණාමලය වරායේ නව ජැටියක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර බල ඇණියේ සහ නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ නිවස්නය වන ත්‍රිකුණාමලය වරායේ විශාල නෞකා සඳහා නැංගුරම් පහසුකම් සැලසිය හැකි ජැටියක් ඉදිකිරීම ආරම්භ වූයේ 1990 වසරේදීයි.

එහෙත් විවිධ හේතූන් මත එම ඉදිකිරීම් අතරමග නතර වුණා. විශාල නෞකාවලට නැංගුරම් පහසුකම් සැලසිය හැකි වන පරිදි නව ජැටිය මීටර් 220 ක දිගකින් සහ මීටර් 20 ක පළලකින් යුතුව ප්‍රවේශ පාලමක්ද සහිතව එය ඉදිකෙරෙනු ඇති.

ඒ සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories