ඇමරිකාවේ - නිව්ජර්සි ප්රාන්තයේ හොබෝකන් දුම්රිය ස්ථානය වෙත ඊයේ (29) අධිවේගයෙන් පැමිණි මගී දුම්රියක් කඩා වැදීමෙන් කාන්තාවක මියගොස් පුද්ගලයන් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දුම්රිය ස්ථානයේ වේදිකාව ඔස්සේ ප්රවේශපත්ර කවුළු හරහා පිළිගැනීමේ කවුන්ටරයටද පිවිසි මෙම මගී දුම්රිය නතර වූයේ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලේ සිවිලිමටද හානි කරමින්.
මෙහිදී මියගොස් ඇත්තේ දුම්රිය වේදිකාවේ සිටි හොබෝකන් ප්රදේශයේම පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.
දුම්රියේ රියදුරාද බරපතල තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ තවත් මගීන් කිහිප දෙනෙකුම බරපතල තත්ත්වයේ පසුවන බවයි ඇමරිකානු වාර්තා සඳහන් කළේ.
දුම්රිය මැදිරි එකිනෙක මත පතිත වී දුම්රිය ස්ථානයටද විශාල හානියක් සිදුව ඇති අතර, මගීන් රෝහල් ගතකිරීම සඳහා දැවැන්ත ජීවිතාරක්ෂක මෙහෙයුමක් දියත් කෙරුණා.
දුම්රිය රියදුරන්ගෙන් සිදුවිය හැකි අත්වැරදි මග හැරීම සඳහා පරිගණක පාලක පද්ධතියක් ස්ථාපිත කරන ලෙස මෙම දුම්රිය අයත් නිව්ජර්සි ට්රාන්ස්සිට් දුම්රිය සේවාවට දැනුම් දී තිබුණද එය මෙතෙක් ක්රියාත්මක කර නැහැ.

Follow US
Most Viewed Stories