හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනෙකු ඇතුලූ හත්දෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ, පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට නීතිවිරෝධී ලෙස අවකාශ සැළසීමෙන් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාලවයි.
පසුගිය පළමුවනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ සැකකරුවන් අටදෙනෙකුට අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීිසි නිකුත් කෙරුණා.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් කොළඹගේ, අද්මිරාල් ජයන්ත පෙරේරා සහ තවත් යුද හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුටද මෙහිදී නොතීසි නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න හැර අනෙකුත් සැකකරුවන් අද අධිකරණයේ පෙනී සිටියා.
සුජාතා දමයන්ති ජයරත්න වෙනුවෙන් නීතීඥවරයෙකු අධිකරණයේ අද පෙනී සිටි අතර, එහිදී හෙළිවුණේ ඇය මේ වනවිට නවසීලන්තයේ රැඳී සිටින බවයි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා මූලික විරෝධතාවක් ගොනු කළා.
ඒ, අල්ලස් කොමිසම නඩුවට අදාළව ඉදිරිපත් කර ඇති ලේඛනවල දෝෂ පවතින බව සඳහන් කරමින්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් සමඟ සාකච්ඡා කළ යුතු බව රජයේ නීතීඥවරයා කරුණු දක්වමින් සඳහන් කළා.
ඒ අනුව උදෑසන 11 ට පමණ නඩුව පැයකට ආසන්න කාලයක් කල් තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය තීරණය කළේ.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ අල්ලස් කොමිසම ගොනුකළ නඩුව විභාගවන අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories