ඉන්දීය ප්‍රහාරයෙන් පාකිස්තානය උදහස් වෙයි

Friday, 30 September 2016 - 10:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කාශ්මීර දේශසීමාව හරහා තම රට තුළට ඇතුළු වී ඉන්දීය හමුදාව එල්ල කළ ප්‍රහාරය පාකිස්තානය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

පාකිස්තාන රජය සඳහන් කළේ එය නිර්දය ආක්‍රමණයක් බවයි.

කාශ්මීරය ඔස්සේ ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි කණ්ඩායම් ඉලක්ක කරගෙන අදාළ ප්‍රහාරය එල්ල කළ බව ඉන්දියාව ප්‍රකාශ කළා.

පාකිස්තාන කියා සිටියේ ප්‍රහාරයෙන් තම සෙබළුන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වූ බවයි.

එමෙන්ම මෙය මවාගත් ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කරමින් ඉන්දියාව සිදුකළ මාධ්‍ය සංදර්ශනයක් ලෙසයි පාකිස්තාන ආරක්ෂක අංශ හැඳින්වූයේ.

සාමය උදෙසා තමන්ගේ කැපවීම දුර්වලතාවක් ලෙස නොසලකන ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ශරීෆ් මෙහිදී ඉන්දියාවට අනතුරු ඇඟවීමක්ද කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories