ඊශ්‍රායලයේ හිටපු ජනපති ෂිමෝන් ෆෙරේස්ගේ අවමංගල්‍යයට ලෝක නායකයන් එක්වෙයි

Friday, 30 September 2016 - 11:04

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු සහ ජනාධිපතිවරයෙකු වූ නොබෙල් සාම ත්‍යාගලාභී ෂිමෝන් ෆෙරේස්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ලෝක නායකයන් රැසක් මේ වනවිට ජෙරුසලම් පුරවරයට පැමිණ සිටිනවා.

ඊශ්‍රායලයේ නිර්මාතෘවරයෙකු ලෙසද සැළකෙන ඔහු වඩාත් ප්‍රකට වී ඇත්තේ පලස්තීනුවන් සමඟ 1993 වසරේදී ඇතිකරගත් ඔස්ලෝ සාම ගිවිසුම හේතුවෙන්.

93 වන වියේ පසුවූ ෂිමෝන් ෆෙරේස් පෙරේදා ටෙල් - අවීව් නුවර ආසන්නයේ රෝහලකදී අභාවප්‍රාප්ත වූයේ හෘද රෝගයකට ගොදුරු වී සති දෙකකට පසුවයි.

අද පැවැත්වෙන ඔහුගේ අවමංගල්‍ය උත්සවයට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු, හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මෙන්ම පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ද සහභාගිවනවා.

ඊට අමතරව  ඕස්ට්‍රේලියානු සහ කැනේඩියානු අග්‍රාමාත්‍යවරුන්, ප්‍රංශ ජනාධිපති ප්‍රාංශුවා හොලාන්ඞ් මෙන්ම ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන්ද අවමංගල උත්සවයට එක්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories