අද පෙරවරුවේ වව්නියාව වැව අසලට රැස් වූ උද්ඝෝෂකයින් පාගමනින් වව්නියාව නගර මධ්‍යයට පැමිණියා.
ඔවුන් කියා සිටියේ උතුරු පළාත් මහ ඇමතිවරයා ද්‍රවිඩයින් නැගිටිව් යනුවෙන් පසුගියදා සිදුකළඋද්ඝෝෂණය හරහා ජාතිවාදයට උඩගෙඩි දීමක් සිදු වූ බවයි.
එසේම සිංහල වැසියන් උතුරේ පදිංචි කිරීම වළක්වන ලෙස සහ උතුරේ බෞද්ධ වෙහෙර විහාර ඉදිනොකරණ ලෙස සිදුකළ ප්‍රකාශ හරහා එම පළාත්වල සිංහල වැසියන්ට අසාධාරණයක් සිදු වූ බවද ඔවුන්පෙන්වා දෙනවා.
උද්ඝෝෂකයින් පැවසුවේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උද්ඝෝෂණය මගින්ආණ්ඩුක්රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බැවින් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු බවයි.
වව්නියාව නගර මධ්‍යයේ සිට යළිත් පාගමනින් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි ඔවුන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් එම්.බී. පුෂ්පකුමාර මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබුවා.
ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක

Follow US
Most Viewed Stories