උදයංග වීරතුංගට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Friday, 30 September 2016 - 12:32

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා.

කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද මෙම නඩුව සලකා බැලූ අවස්ථාවේදී ඇය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2006 වසරේදී ශ්‍රී ලංකාව ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම උදයංග වීරතුංග හිතාමතා මග හැර ඇති බවට එම කොට්ඨාශය පසුගියදා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.

මේ හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories