අගමැති නවසීලන්ත ව්‍යාපාරික සහ ශ්‍රී ලංකා ප්‍රජාව හමුවේ

Sunday, 02 October 2016 - 12:08

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පහසුවෙන් ව්‍යාපාර කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් සංවර්ධනය කෙරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා - නවසීලන්ත ව්‍යාපාරික කවුන්සිල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා නවසීලන්ත ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේ එහි උපරිම වාසිය ලබා ගැනීම සදහා මෙරටට පැමිණෙන ලෙසයි.

නවසීලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඕක්ලන්ඩ් නුවර වෙළෙඳ සහ ව්‍යවසාය මධ්‍යස්ථානයේදී දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව හමුවුණා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕක්ලන්ඩ් නුවරදී නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මුණ ගැසුණා.

ඒ ඕක්ලන්ඩ් - ඇල්බට් කන්දේ යුද ස්මාරක ශාලාවේදීයි.

අනාගත පරපුරට යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අභියෝගාත්මක කාර්යයට සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories