වතු කම්කරු විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් (ඡායාරූප)

Sunday, 02 October 2016 - 12:10

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය නගරයේ අද (02) සංවිධාන කර තිබු විරෝධතාවයට එරෙහිව අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

මස්කෙලිය පොලිසිය හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ උද්ඝෝෂණයක් පැවැත්වුවහොත් මහජන සාමය කඩවිය හැකි බැවින් එය වළක්වන ලෙසයි.

ඒ අනුව හැටන් මහේස්ත්‍රාත් එස්.රාජේන්ද්‍ර විරෝධතාවය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, එය නොතකා විරෝධතාවයේ නිරත වීමට උද්ඝෝෂකයින් උත්සාහ කළද මස්කෙලිය පොලිසිය ඊට ඉඩ ලබා දී නැහැ.

සිය දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් පසුගිය සතිය මුළුල්ලේම විරෝධතාවන්හි නිරත වුණා.






ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories