අත්බෝම්බයකින් ගැසූ වරෙන්තුකරුවෙකුට පොලීසියෙන් වෙඩි

Sunday, 02 October 2016 - 13:11

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
අතුරුගිරිය සීවලී මාවත ප්‍රදේශයේදී අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ කළ වරෙන්තුකරුවෙකුට අද දහවල් පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොල්ලකෑමේ සිද්ධියකට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මොහු මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට තැත් කර ඇති බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ.

පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයෙන් සැකකරුගේ අතකට තුවාල සිදුවී ඇති අතර, අනතුරුව ඔහු පළාගොස් ඇති බව පොලිසිය කියා සිටියා.

අර්ජුන ගමගේ නමින් හඳුන්වන මොහුට එරෙහිව වරෙන්තු චෝදනා ද ඇති බව සදහන්. සැකකරු රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බව ද වාර්තා වනවා.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories