ජාතික ආණ්ඩුවේ නීත්‍යානුකූල භාවයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම ඉවතට

Monday, 03 October 2016 - 17:04

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ජාතික ආණ්ඩුව නීතිවිරෝධී බවට ඉදිරිපත් වූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා.

ජාතික ආණ්ඩුව සදහා සියලූ පක්ෂවල සහභාගීත්වයක් නොමැති බැවින් එය නීතිවිරෝ්ධී බව ප්‍රකාශ කරන්නැයි අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මහචාර්ය විමලධර්ම අබේවික්‍රම සහ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින්.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම අද කැදවනු ලැබුවා.

එහිදීයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු සදහා අධිකරණය මැදිහත් නොවිය යුතු යන පදනම මත එම පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories