විදුලි ගාස්තු ඉහළ නොදමන බව අමාත්‍යාංශය කියයි

Tuesday, 04 October 2016 - 11:22

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විදුලි ගාස්තු ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

සියලූම ක්‍ෂේත්‍ර සඳහා ගාස්තු වැඩිවීමක් ඉල්ලා විදුලිබල  මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එමගින් ඉල්ලා තිබුණේ සියයට 5 ක විදුලි ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

එහෙත් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ විදුලිබල අමාත්‍යාංශය මගින් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කෙසේ නමුත්, විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවයි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය
අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories