පොලිස් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Tuesday, 04 October 2016 - 18:11

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා පොලීසියේ 150 වන සංවත්සරය වෙනුවෙන්  සංවිධාන වුණු ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා.

අනාගත පොලිස් සේවාව - දකුණු ආසියාකරය අභිමුව ඇති අපේක්ෂා සහ අභියෝග යන්න එහි තේමාවයි.

මේ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි සතියේ පළමු කොඩියද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පළඳවනු ලැබුවා.

එසේම ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම වෙනුවෙන් එහි සැමරුම් සංකේතය වන සමනළ රුව ජනාධිපතිවරයා වෙත පැළඳවීමද අද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර මහා සංඝරත්නය අතර අසමගියක් ඇති නොවන අයුරින් සියලුම තෛනිකායික මහනා හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිව විහාර දේවාලගම් පනත ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පේරාදෙණියේ පැවැති පුන්‍යෝත්සවයකට එක් වෙමින්.

පේරාදෙණිය - ගොඩගංදෙනිය ඓතිහාසික කුරුකුදේ පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සහ අභිනව සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය විවෘත කිරීමේ පුන්‍යෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories