සයිටම් ගැන අලූත් පරීක්ෂණයක්

Tuesday, 04 October 2016 - 18:21

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත්  මිනිස් සිරුරු කොටස් පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

අධිකරණ නියෝගයක් මත මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ ඊයේ සිදුකළ පරීක්ෂණයේදී මිනිස් ශරීර කොටස් 26ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත්තා.

ඒ, රග්බි ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අතුරුදන් වූ ශරීර කොටස් සම්බන්ධයෙන් එම වෛද්‍ය විද්‍යාලය පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ලබාදුන් නියෝගයෙන් පසුවයි.  

කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ රජය තවදුරටත් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කරමින් සිටින බවයි.  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී  මේ පිළිබඳව අදහස් දක්වා සිටියා.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ සයිටම් ජනසතු කරන ලෙස යළි රජයෙන් ඉල්ලා සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories