අලූත් වැට් පනතට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Wednesday, 05 October 2016 - 18:37

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ වැට් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්ම්මන්පිල විසින්.

වැට් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමිනුයි මන්ත්‍රීවරයා පෙත්සම ගොනුකර ඇත්තේ.

ඒ අනුව මෙම පෙත්සම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබාදෙන තෙක් වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ද නොහැකිවනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර බදු ඉහළ දැමීමට සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණයට එරෙහිව පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඊට කම්කරු අරගල මධ්‍යස්ථානය, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලූ වෘත්තිය සමිති විස්සක් එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories