ෆවුසිට නොතීසි

Friday, 07 October 2016 - 12:11

%E0%B7%86%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
අල්ලස් කොමිසම පැවරූ නඩුවකට අදාළව රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට මේ මස 28 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසී නිකුත් කර තිබෙනවා.

2014 / 2015 කාලය තුළ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් රුපියල් එක්කෝටි 95 ලක්ෂයක් වටිනා ජීප් රථයක් තමන් වෙත මුදා හැර ගැනීමෙන් දුෂණයක් සිදුකළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවකට අදාළවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට මේ මස 28 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories