ඉන්දීය ගුවන්තොටුපලවලට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්

Friday, 07 October 2016 - 12:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නවදිල්ලි ගුවන්තොටුපල ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක ගුවන්තොටුපල 22 ක් ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.

එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔත්තු සේවා ආයතන මගින් අනතුරු අගවා ඇති බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව, අදාළ ගුවන්තොටුපලවල ආරක්ෂක තත්ත්වය තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔත්තු සේවා අංශ මගින් අනතුරු අගවා ඇත්තේ ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර, පන්ජාබ්, රාජස්ථාන් සහ ගුජරාට් යන දේශසීමා ප්‍රාන්ත හතරේ ගුවන්තොටුපල වෙතයි.

විශේෂයෙන් ඉන්දීය හමුදා දේශසීමාව ඔස්සේ පාකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක අවදානම ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories