නව ව්‍යවස්ථාවේ අරමුණ ජනපති, තායිලන්ත අගමැතිට පහදයි

Sunday, 09 October 2016 - 7:01

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශවික සබඳතා නව ප්‍රවේශයකට ගෙන ඒමට සූදානම් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චෑන් ඕචා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ආසියානු සහයෝගීතා සමුළුවට සහභාගිවීම සඳහා තායිලන්තයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකාවට තායිලන්ත රජය ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ආපදා අවස්ථාවලදී මෙරටට සැපයූ පහසුකම් පිළිබඳවද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත කෘතවේදීත්වය පළ කළා.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සංහිඳියාව තහවුරු වූ රටක් බවට පත් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ද බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තායිලන්තයේ සිව්දින සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද  ඊයේ රාත්‍රියේ පිරිනමා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආසියානු සහයෝගීතා සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ අදයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories