බදුලූ කුණු කන්දේ ගින්න නිවද්දී, කොළඹ කුණු නිසා ජා-ඇළ ඇවිලේ

Tuesday, 11 October 2016 - 18:12

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F-%E0%B6%87%E0%B7%85+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
මීතොටමුල්ලේ කුණු කසල ඒකල ප්‍රදේශයේ පිහිටි ඔතේ කැළයට ගෙන ඒමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද ජාඇළ ප්‍රදේශයෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවුණා.

ඔවුන් පළමුව ඒකල මංසන්ධියේ දී විරෝධතාවක නිරත වූ අතර අනතුරුවයි ජාඇල නගරයට පැමිණියේ.

මේ හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැය දෙකකට අධික කාලයක් බාධා එල්ල වී තිබුණා.

පසුව ඔවුන් ජාඇල ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් ද භාර දුන්නා.

මේ අතර බදුල්ල - වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්දේ  දින තුනක් පුරා පැතිර යන ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගෙන මෙහෙයුම් සිදුකළත් තවමත් එය සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකිවී නැහැ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාව බෙල් 212 සහ එම්.අයි. 17 යන හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබුණා.  

ගුවන් හමුදාව, යුද හමුදාව සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

කුණු කන්දෙන් පිටවන දුමෙන් බදුල්ල නගරය වැසී පවතින අතර, නගරයේ පාසල් 5 ක්ද අද වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

ඒ අනුව බදුල්ල - ඌව මහා විද්‍යාලය, ධර්මදුත විද්‍යාලය, විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, අල්අදාන් විද්‍යාලය සහ බදුල්ල දෙමළ මහා විද්‍යාලයද මෙලෙස ලබන සඳුදා දිනය දක්වා වසා දමා තිබෙනවා.

බදුල්ල පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදු කෙරුණද විටින් විට ගින්නෙන් හටගන්නා දුම හේතුවෙන් නගරයේ දෛනික කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි.

අදාළ කුණු කන්ද වසර 40 ක කාලයක සිට මෙම ප්‍රදේශයේ පවතින බවටයි තොරතුරු වාර්තාවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories