වසර නිමවන තුරු ප්‍රමාණවත් වැස්සක් නැහැ - කාලගුණය

Wednesday, 12 October 2016 - 18:22

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA
වසර නිමවනතුරු අපේක්ෂා කරන මට්ටමින් වැසි නොලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පවතින නියං තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මේ බව කියා සිටියා.

දිස්ත්‍රික්ක 22 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් හයලක්ෂ 48,668 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා.

එම ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් 196 ක් සහ ජල ටැංකි 1590 ක් යොදවා ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මියනවල කියා සිටියේ.

එමෙන්ම, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 හි ජල මට්ටම මේ වනවිට 33% ක් දක්වා පහත වැටී ඇති බව මාධ්‍ය හමුවට එක්වු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ සඳහන් කළා.   

මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජේරත්න කියා සිටියේ වී ඇතුළු අනෙකුත් භෝගවල අස්වැන්නේ අඩුවීමක්ද අපේක්ෂා කරන බවයි.

වියළි කාලගුණය නිසා විදුලි ඉල්ලූම ද ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories