පාසැල් සිසුන් තිදෙනෙකු පරිවාස භාරයට

Thursday, 13 October 2016 - 14:27

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පාසලේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් තිදෙනෙකු මේ මස 20 වනදා දක්වා පරිවාස භාරයට පත් කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ගිරිවුල්ල ප්‍රදේශයේ පාසලක 11 වසරේ සහ 13 වසරේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ පාසල තුලදී ගැටුමක් ඇති වුණා.

ඉන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මේ වනවිට දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

ගැටුම සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු කුලියාපිටිය පොලිසිය ඊයේ දිනයේම අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories