දුම්රිය අනතුරින් මියගිය චීන තරුණියගේ දේහය දෙමාපියන් භාරයට

Thursday, 13 October 2016 - 15:11

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
අම්බලන්ගොඩ - මාදම්පාගම දුම්රිය ස්ථානය අසලදී පසුගියදා දුම්රියෙන් වැටී මියගිය චීන ජාතික තරුණියගේ මෘතදේහය භාරගැනීමට ඇයගේ දෙමාපියන් අද බලපිටිය රෝහලට පැමිණියා.

මියගිය 25 හැවිරිදි චීන ජාතික තරුණියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය 9 වැනිදා සිදුවූ මෙම අනතුර පිළිබදව බලපිටිය අධිකරණය පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර තිබුණා.

ඇය දුම්රියේ පාපුවරුවේ අපරීක්ෂාකාරි ලෙස ගමන් කිරීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණවී ඇත්තේ.

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටි ඇය ඉන් ඇද වැටී ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. 





ඡායාරූප - අම්බලන්ගොඩ දීපාල් සිල්වා




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories