තායිලන්තයේ රජු මියයයි

Thursday, 13 October 2016 - 17:40

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තායිලන්තයේ රාජ්‍යයත්වය හෙබවු භූමිබෝල් අධුල්යාදේ රජු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 ක්.  

ලොව වැඩිම කලක් රාජ්‍යයක් පාලනය කල පාලකයා ලෙසට සැලකෙන්නේ ද භූමිභෝල් අධුල්යාදේ රජු වීම විශේෂත්වයක්.

ඔහු වසර 70 ක් තායිලන්තයේ කිරුළ හිමි පාලකයා ලෙසට කටයුතු කලා.

දේශපාලනික ගැටුම් මෙන්ම කුමන්ත්‍රණ පරාජයට පත්කරමින් තායිලන්තය ස්ථාවරත්වයකට ගෙන ඒමට මුලික වු අයෙක් ලෙසට ද භූමිබෝල් අධුල්යාදේ රජු සැලකෙනවා.

පසුගිය වසර කිහිපයක් පුරා රෝගී තත්වයෙන් පසු වු තායිලන්ත රජු ජනතාව හමුවේ පෙනී සිටියේද අවස්ථා කිහිපයකදී පමණයි.

රජුගේ අභාවය සිදුවුයේ 2014 වසරේ පැවති හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව තවමත් තායිලන්තය හමුදා පාලනයක් යටතේ පවතින අවස්ථාවකදීයි.

රජුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පසුගිය ඉරිදා තායිලන්ත රාජ්‍ය මන්දිරය නිවේදනයක් ද නිකුත්කර තිබුනා.

මේ අතර රෝස පැහැති ඇඳුමින් සැරසුනු තායිලන්ත ජනතාව විශාල පිරිසක් භූමිබෝල් අධුල්යාදේ රජු ප්‍රතිකාර ලැබු රෝහල අසල රැස්වී සිටින බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

රජුගේ මරණයත් සමග  තායිලන්ත පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories