ජනපතිගේ ප්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයෙන්, අගමැතිට ප්‍රශ්නයක්

Thursday, 13 October 2016 - 18:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතන හසුරුවන්නේ කාගේ උවමනාවකටද යන්න ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ඊයේ (12) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර තිබෙනවා.

එමඟින් දක්වා ඇත්තේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ඡන්දය දුන් ලක්ෂ 62 ක ජනතාවගේ අභිලාෂයට හා ජනවරමට ජනාධිපතිවරයා අභියෝග කර ඇති බවයි.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධව සිටින බරපතල චෝදනා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පිළිබඳව විවිධ චෝදනා ඇතත්, ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වන බව රටම දන්නා කරුණක් බවයි ජනතා විමුක්ති පෙරමුණ සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, කොළඹ අද (13) පැවති මාධ්‍ය හමු කිහිපයකදීද ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories