එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා තෝරා පත්කර ගැනේ

Thursday, 13 October 2016 - 21:08

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වන ඇන්ටෝනියෝ ගුටේරස් අද පත් කෙරුණා.

ඒ, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට අයත් රටවල් 193ක නියෝජිතයින් අද පැවැත්වූ ඡන්ද විමසීමෙන් අනතුරුවයි.

වත්මන් මහා ලේඛම් බැන්කි මුන්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඇන්ටෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ සංගමයේ 9 වන මහා ලේකම් ලෙස නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

පසුගිය සතියේ පැවති ආරක්ෂක මණ්ඩල ඡන්ද විමසීමේදී ඇන්ටෝනියෝ ගුටේරස් ජයග්‍රහණ්‍ය කළේ අපේක්ෂකයින් 13 දෙනෙකු අභිබවමින්.

1995 වසරේ සිට 2002 වසර දක්වා පෘතුගාලයේ අගමැති ධුරය හෙබවූ ඇන්ටෝනියෝ ගුටේරස් 2005 වසරේ සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබඳ මහා කොමසාරිස් තනතුර හොබවනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories