තායිලන්තයේ නව රජු නම් කෙරේ

Friday, 14 October 2016 - 8:13

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ලොව දීර්ඝතම කාලයක් පාලන බලය හෙබවූ තායිලන්තයේ භූමිබෝල් රජුගේ වියෝවෙන් එරට ජනතාව දැඩි සේ කම්පාවී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

88 හැවිරිදි භූමිබෝල් රජු ඊයේ අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ පුත් මහා වජිරලෝන්කෝන් නව රජු ලෙස තේරී පත්වුණා.

ඔහු නුදුරේදීම කිරුළු පැළදීමට නියමිත බවයි තායි රජය ප්‍රකාශ කළේ.

භූමිබෝල් රජුගේ අභාවය නිමිත්තෙන් තායිලන්තයේ රජයේ ආයතනවල දින 30 ක කාලයක් ජාතික ධජ අඩකුඹු කෙරෙන අතර, ජනතාව කළු ඇදුමෙන් සැරසී සොව පළ කරන බව සදහන්.

ඉදිරි මාසයක කාලය තුළ උත්සව, සම්භාෂන අත්හිටුවීමටයි තායි රජය තීරණය කර ඇත්තේ.

බැංකොක් නුවරදී ඊයේ රාත්‍රීයේ තායි රජු වෙනුවෙන් සොව පළ කිරීමේ අවස්ථා රැසක් සංවිධාන කර තිබූ බව වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories