චිබොක් දැරියන් නිදහස් කර ගැනීමට ස්විට්සර්ලන්තයේ සහාය

Friday, 14 October 2016 - 8:58

%E0%B6%A0%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ඊසාන දිග නයිජීරියාවේ - චිබොක් ප්‍රදේශයේ පාසලකින් පසුගිය 2014 වසරේදී පැහැර ගත් පාසල් දැරියන් 21 දෙනෙකු නිදහස් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජය මැදිහත්වී තිබෙනවා.

සිසුවියන් 270 දෙනෙකු මෙලෙස පැහැර ගැනීමට ලක්වූ අතර, නිදහස් කර ඇත්තේ ඔවුන් අතුරෙන් 21 දෙනෙකු පමණයි.

ඔවුන් රජය සමග සිරකරු හුවමාරුවක් යටතේ නිදහස් කළ බව වාර්තා වුව ද නයිජීරියානු රජය එය ප්‍රතික්ෂේප කළා.

කෙසේ නමුත්, දැරියන් නිදහස් කර ගැනීම සදහා නයිජීරියානු රජය ස්විට්සර්ලන්තයේ මැදිහත්වීමෙන් බොකෝහරාම් සංවිධානය සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

චිබොක් දැරියන් පිරිසක් හෝ නිදහස් කරගැනීම වැදගත් ඉදිරි පියවරක් බව නයිජීරියානු රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories