හිටපු ඇමති බැසිල් සහ ලියාපදිංචි හිමිකරු අයිතිය ප්‍රතික්ෂේප කළ මල්වානේ ඉඩම වෙන්දේසි කෙරේ

Friday, 14 October 2016 - 11:05

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට චෝදනා එල්ල වූ මල්වාන ගඟබඩ පාරේ පිහිටි නිවස සහ අක්කර 16ක මතභේදයට තුඩු දුන් ඉඩම වෙන්දේසි කිරීමට පූගොඩ මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළා.

එම ඉඩම තමාට අයත් නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් අතර එහි ලියාපදිංචි හිමිකරු ද ඉඩමේ අයිතිය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව, අදාළ ඉඩම සහ සියලු දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා අදාළ මුදල නඩුවට අදාළ ගිණුමට බැර කරන ලෙසයි පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ නියෝග කළේ.  

මල්වාන - ගඟබඩ පාරේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

පසුගිය 7 වනදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී සිටි අතර, දැනට ඉඩමේ ලියාපදිංචි අයිතිය හිමි මුදිත ජයකොඩි නැමැත්තාගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා මෙම ඉඩමට අයිතියක් නොකියන බවයි.

එමෙන්ම ඉඩමේ ඇති නිවාසය ඉදිකිරීම සඳහා ඔහු මුදල් වියදම් නොකළ බව නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියා.

මේ අනුව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ විත්තිකරු වන බැසිල් රාජපක්ෂ ද ඉඩමට අයිතියක් ප්‍රකාශ නොකරන නිසා එය රජයට අයත් දේපළක් ලෙස අලෙවි කර අධිකරණ ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories