කතරගම දේවාලයට, අලි ලබාදෙන්න රජයෙන් පොරොන්දුවක්

Friday, 14 October 2016 - 12:20

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වනජීවි භාරයට ගත් කතරගම දේවාලයේ භානු හස්තියා, නීත්‍යානුකූල ලෙස නැවත දේවාලයට ලබාදීමට වනජිවි අමාත්‍යාංශය එකග වී ඇති බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ පවසනවා.

බලපත්‍රය පිළිබද ගැටලූවක් මත අදාළ හස්තියා පසුගියදා වනජිවි භාරයට ගැණුනා.

කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය සදහා අලි ඇතුන් හිගයක් පවතින බවයි පසුගියදා වාර්තා වුණේ.

ඒ අනුව ඉදිරියේදී, අලි ඇතුන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු කතරගම දේවාලයට ලබාදීමට තිරසාර සංවර්ධන හා වනජිවි අමාත්‍යාංශය එකග වූ බව බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ සම්බන්ධයෙන් අප තිරසාර සංවර්ධන සහ වනජිවි අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ විහාර සහ දේවාල සදහා අවශ්‍ය අලි ඇතුන් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඒ අනුව කතරගම දේවාලයට ප්‍රමුඛත්වයක් ලබාදී අලි ඇතුන් ලබාදීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories