රතුපස්වල වෙඩි තැබීම අපරාධයක් බවට අධිකරණයෙන් තීන්දුවක්

Friday, 14 October 2016 - 12:52

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් 2013 වසරේදී වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණය අතරතුර වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තරුණයන් තුන්දෙනෙකු මියයාමේ සිද්ධිය අපරාධයක් බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

මීට අදාළ නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවීමෙන් අනතුරුවයි ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙම තීරණය දැනුම් දුන්නේ.

මියගිය තරුණයන් තිදෙනාගෙන් දෙදෙනෙකු වෙඩි වැදී මියගිය බවත්, අනෙක් තරුණයාගේ හිසට මොට ආයුධයකින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් මියගිය බවත් පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය භාරයට ගත් ටී.56 ගිනි අවි 98 ක් රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ගිනි අවි 3 ක් වෙඩි තැබීමට යොදා ගත් ඒවා බව අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories