කළුතර ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවේ

Friday, 14 October 2016 - 13:57

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කළුතර - කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ලබන සදුදා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය ඇතුළත ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව, වාද්දුව, පොතුපිටිය, වස්කඩුව, කළුතර, නාගොඩ, බෙන්තොට, පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම, බෝම්බුවල සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories