චීනයෙන්, බංග්ලාදේශයට ඩොලර් බිලියන 24 ක ණය ආධාර

Friday, 14 October 2016 - 14:05

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+24+%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
චීන ජනාධිපති ෂී ජින්පිං අද බංග්ලාදේශයේ සංචාරයක් ආරම්භ කරන අතර, එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 24 ක ණය ආධාර ලබාදීම සදහා ගිවිසුම් අත්සන් කෙරෙනවා.

වසර 30 කට පසු චීනයේ ජනාධිපතිවරයෙකු බංග්ලාදේශයේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවටයි.

බංග්ලාදේශයේ යටිතල පහසුකම් ව්‍යාපෘති 25 ක් සදහා මූල්‍යාධාර සැපයීමට චීනය අදහස් කරන අතර, මෙගවොට් 1320 ක විදුලි බලාගාරයක් සහ වරායක් ද ඊට ඇතුළත්.

චීන ජනාධිපතිවරයා බංග්ලාදේශයට පැමිණෙන්නේ ඉන්දියාවේ ගෝව පුරේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සදහා යන අතරතුරයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories