යාල අද සිට පැය 12 ක් විවෘත කෙරේ

Sunday, 16 October 2016 - 6:46

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික වනෝද්‍යානය අද සිට සංචාරකයන් සඳහා පැය 12ක කාලයකට විවෘත කරන බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නියඟය නිමා කරමින් සුළු වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ.පතිරත්න කියා සිටියේ.

මීට පෙර තීරණය කර තිබුණේ අද සිට පෙරවරුවේ කාලයේ පැය 06 ක කාලයක් පමණක් වනෝද්‍යානය සංචාරකයින් සඳහා විවෘත කිරීමටයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වයේ වෙනසක් සිදුවීම හේතුවෙන් එම තීරණය සංශෝධනය කළ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories