ජනපති ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

Sunday, 16 October 2016 - 11:04

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගෝව නගරයේ පැවැත්වෙන බ්‍රික්ස් 2016 සමුළුවේ දෙවන දිනය වන අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවූ බවයි.

බ්‍රික්ස් - බිම්ස්ටෙක් තාක්ෂණික සමුළුවද අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන්.

ජනාධිපතිවරයා අද දිනයේදී නේපාල සහ භූතාන අග්‍රාමාත්‍යවරුන්ද හමුවී තිබෙනවා.

බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමුළුව සඳහා ආරාධනා කර ඇති අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය සහ තායිලන්තයයි.   

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රික්ස් සහ බිම්ස්ටෙක් නායකයන් රැසක් අද සහ හෙට මුණගැසීමට නියමිත බවයි ගෝව වාර්තා සඳහන් කළේ.

ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්ද ඊට ඇතුළත්.

ජනාධිපතිවරයා, මියන්මාරයේ විදේශ කටයුතු ඇමතිනිය සහ එරට රජයේ විශේෂ නියෝජිතවරිය වන අවුන්සාන් සුකීද මුණගැසීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories