අනුරපුරේ සිර මැදිරියකදී රැඳවියෙකු ගෙළ වැළලාගනි

Sunday, 16 October 2016 - 12:20

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%92
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඞ් සිරකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මොහු 51 හැවිරිදි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

තමන් හැඳ සිටි සරම ඉරා සිර මැදිරියේ ජනේලයක කම්බි කූරුවල ගැට ගසා ඒ ආධාරයෙන් මොහු ගෙළ සිරකරගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අදාළ රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මානසික ආබාධයක් නිසා අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි මොහු අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ මීට සති තුනකට පමණ ඉහතදියි.

මේ අතර පසුගිය මස 19 වනදා මාතර බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී රැඳවියෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.

මෙලෙස මියගොස් තිබුණේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් දස වසරක සිර දඩුවමක් නියමවූ මාතර - නාදුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර වප් පුන් පොහෝදින යෙදී තිබූ ඊයේ දිනයේ මල්වතු මහා විහාරයේ ශ්‍රමදාන කටයුත්තක් සඳහා දුම්බර - බෝගම්බර බන්ධනාගාරයේ සිට රැගෙන ආ රැඳවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

කටුගස්තොට සහ ගොහාගොඩ ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

තවත් කෙටි කලකින් මොවුන් නිදහස් වීමට නියමිතව තිබූ බවද මහනුවර පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories