Update- වරාය නගරයට එරෙහි ධීවර විරෝධතාව තවදුරටත්

Monday, 17 October 2016 - 14:15

Update-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුදු වැලි ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මීගමුව ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය තෙල්වත්ත සහ ගල්කන්ද යන  මංසන්ධිවලින් අවහිර කරමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා.

මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී ඇති බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු කියා සිටියේ.

ඊට අමතරව හලාවත - කොළඹ දුම්රිය මාර්ගය ද විරෝධතාකරුවන් ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේදී අවහිර කළා.

මේ නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා පැමිණුනා.

මේ අතර, වරාය නගර ව්‍යාපෘතියට අදාලව තිරණ ගැනීමේදී කටකතා, සටන්පාඨ හෝ උද්වේග මත නොව සබුද්ධික,විද්‍යාත්මක, සාධක මත පමණක් තීරණ ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

මිගමුව ප්‍රදේශයේ අද පැවති ධිවර විරෝධය සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය
හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මුහුදු වැලි ඉවත් කිරීම නිසා ධීවර කටයුතුවලට බාධා එල්ලවී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ  මීගමුව - වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

පා ගමනෙන් ඔවුන් මීගමුව නගර සභාව පිහිටි තෙල්වත්ත මංසන්ධියට පැමිණ මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරත වුණා.

Update- Monday, October 17, 2016 6.57
-------------------------------------------------------------
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුදු වැලි ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මීගමුව ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය තෙල්වත්ත මංසන්ධියෙන් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී ඇති බවයි  එම ස්ථානයේ සිටින අප වාර්තාකරු කියා සිටියේ.

මුහුදු වැලි ඉවත් කිරීම නිසා ධීවර කටයුතුවලට බාධා එල්ලවී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ  මීගමුව - වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

පා ගමනෙන් ඔවුන් මීගමුව නගර සභාව පිහිටි තෙල්වත්ත මංසන්ධියට පැමිණ මාර්ගය හරස් කරමින් මේ වනවිට විරෝධතාවයේ නිරතවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories