කිඹුලෙකු නිසා නොච්චියාගම පොලීසියේ කටයුතුවලට බාධා

Monday, 17 October 2016 - 14:34

%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
නොච්චියාගම පොලිස් ස්ථානයට අද අලූයම පැමිණි කිඹුලෙකු හේතුවෙන් එහි කටයුතුවලට බාධා එල්ලවුණා.

අඩි අටක් පමණ දිගින් යුත් මෙම කිඹුලා පොලීසියේ පැමිණිලි අංශය වෙත මුලින් පැමිණ ඇති අතර, පොලිස් නිලධාරීන් එම සත්වයා පළවා හැරීමට උත්සාහ කිරීමත් සමඟ අපරාධ අංශය පිහිටි කාමරයට ඇතුලූවී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්ට කිඹුලා මෙල්ල කිරීමට නොහැකිවීම නිසා විල්පත්තු වනජීවී කාර්යාලයට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එහි පැමිණි වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් මෙම සත්වයා අල්ලාගත් බව හිරු වාර්තාකරු සඳහන් කළා.

අනතුරුව වනජීවී නිලධාරීන් කිඹුලා විල්පත්තු රක්ෂිතයේ වැවකට මුදාහැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories