ජයලලිතාගේ තත්ත්වය ගැන වාර්තා නවතී

Monday, 17 October 2016 - 14:58

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
පසුගිය සැප්තැම්බර් 22 වන දා සිට චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව පසුගිය සතියක කාලය තුළ කිසිදු වාර්තාවක් නිකුත් කර නැහැ.

ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මෙන්ම ඇගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය ද ඒ පිළිබදව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැරදි ප්‍රතිචාර පතුරුවන පුද්ගලයන් පිළිබඳව තවදුරටත් අවධානයෙන් පසුවන බව තමිල්නාඩු පොලීසිය සදහන් කළේ.

එලෙස ඇය මිය ගොස් ඇති බවට සහ අසාධ්‍ය බවට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාර සිදුකළ පුද්ගලයන් 50 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමිල්නාඩු පොලීසිය අනතුරු ඇගවූයේ එලෙස ව්‍යාජ තොරතුරු පතුරුවන්නන්ට සත් වසරක් දක්වා සිර දඬුවම් පැමිණවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories