වතු කම්කරු සාමූහික ගිවිසුමට අද අත්සන් තැබෙන ලකුණු

Tuesday, 18 October 2016 - 7:27

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට අදාළ සාමුහික ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්වෙනවා.

ඊට වතු කම්කරු වෘත්තීය සමිති, රජයේ නියෝජිතයන් මෙන්ම වතු හාම්පුතුන් ද එක්වනු ඇති.

එහිදී බොහෝදුරට රුපියල් 730ක දෛනික වැටුපක් සඳහා වන සාමුහික ගිවිසුමට අත්සන් තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාමුහික ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබුණේ පසුගිය 14 වන දායි.

එහෙත් එය අද දක්වා කල් දැමුණු බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

ඒ, එදින පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

වතු කම්කරුවන් දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සහ රුපියල් 730ක දෛනික වැටුප ඇතුළත් සාමුහික ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories