මීගමුවේ ධීවරයන් වරාය නගරයට එරෙහි මාරාන්තික උපවාසයකට සූදානම්

Tuesday, 18 October 2016 - 7:59

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මීගමුව ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් වැලි හැරීමට විරෝධය පළ කළ ධීවරයන් පිරිස මේ වන විට මීගමුව නගර සභා භූමියේ රැදී සිටිනවා.

ඊයේ උදෑසන ඔවුන් ආරම්භ කළ විරෝධතාව රාත්‍රී 7ට පමණ අවසන් වුණා.

කෙසේ නමුත්, ධීවරයන් කියා සිටින්නේ තම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බවයි.

ධීවරයන් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවය හේතුවෙන් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය තෙල්වත්ත සහ ගල්කන්ද යන මංසන්ධිවලින් අවහිර වුණා.

මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද ඉන් බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, හලාවත - කොළඹ දුම්රිය මාර්ගය ද විරෝධතාකරුවන් ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේදී අවහිර කළා.

මේ නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා පැමිණුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories