අගමැති, බ්‍රසල්ස් හිදී ලොව්රාන් කුමරු හමුවෙයි

Tuesday, 18 October 2016 - 8:34

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙල්ජියමේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රසල්ස් නුවර පුනර්ජනනීය බල මැදුරේදී ලොව්රාන් කුමරු හමුවී සාකච්ඡා කළා.

බෙල්ජියමේ පිලිප් රජතුමන්ගේ බාල සොයුරා වන ලොව්රාන් කුමරු, ස්වභාවික සම්පත්, තිරසර කළමනාකරණ සහ පිවිතුරු තාක්ෂණ ප්‍රවර්ධනය පිළිබදව රාජකීය ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

බෙල්ජියම පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට හුරු වී තිබීම අග්‍රාමාත්‍යවරයා සහ ලොව්රාන් කුමරු අතර පැවැති හමුවේදී විශේෂයෙන් අවධානය යොමු වූ කරුණක්.

සාකච්ඡා පැවැත්වුණු වසර 120ක් පැරණි ගොඩනැගිලි සංකීර්ණයේ භාවිත කෙරෙන්නේ ද පුනර්ජනනීය බලශක්තියයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories