අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වීම ගැන ආණ්ඩුවෙන් තවම ප්‍රතිචාරයක් නැහැ

Tuesday, 18 October 2016 - 12:45

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පිළිබඳව රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අදාල ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත ලැබී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද පැවැත්වෙනවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ ප්‍රකාශ කළා.

ජනාධිපති නීතිඥවරියක් වන ඇය නිතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වූයේ 2015 වසරේ පෙබරවාරි මාසයේදීයි.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවක ප්‍රධාන තනතුරක් හොබවන අයෙකු ඉන් හදිසියේ ඉල්ලා අස්වුවහොත් ඇතිවන පුරප්පාඩුව පිරවීම සහ කොමිසමේ කටයුතු පවත්වාගෙන යෑම කෙලෙස සිදුවිය යුතුදැයි අප විමසා බැලූවා.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙසද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප්‍රතිභා මහානාම හේවා ප්‍රකාශ කළේ කොමිසමේ ප්‍රධානීන් සිටීනම් එහි කටයුතු පවත්වාගෙන යෑමට එවැනි ඉල්ලා අස්වීම් බාධාවක් නොවන බවයි.

ජනාධිපතිවරයා විසින් අදාළ පුරප්පාඩුව පිරවිය යුතු බව ඔහු කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories