ශ්‍රී ලංකන් සමාගමත් Samsung Galaxy Note 7 දුරකථන යානා තුලට ගෙන ඒම තහනම් කරයි

Tuesday, 18 October 2016 - 14:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+Samsung+Galaxy+Note+7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Samsung Galaxy Note 7 ජංගම දුරකථන සිය ගුවන්යානා තුලට රැගෙන ඒම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් තහනම් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම බලපැවැත්වෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කලේ.

මෙම නීතියට අනුව මිහින් ලංකා ගුවන් යානාවලට ද Samsung Galaxy Note 7 දුරකථන රැගෙන ඒම තහනම් වනු ඇති.

Note 7 දුරකථනවල පසුගියදා ඇතිවු දෝශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම පියවර ගෙන ඇත්තේ.

Samsung Galaxy Note 7 දුරකථන කිහිපයක් පසුගියදා හදිසියේ ගිනිගැනීම්වලට සහ පුපුරා යාම්වලට ලක්ව තිබුනා.

මේ හේතුවෙන් පුර්ව ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසට අදාළ දුරකථන සිය යානා තුලට ගෙන ඒම තහනම් කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කලේ.

මගී ආරක්ෂණය ප්‍රමුඛ කාර්යයක් වන බැවින් මෙම පියවර ගත් බව ද ඔවුන් සඳහන් කලා.

ගුවන් මගීන්ට Samsung Galaxy Note 7 දුරකථන රැගෙන ඒම වැලැක්වීමට සහ ඊට අදාළ උපදෙස් දීමට කාර්ය මණ්ඩල සාමාජිකයන් පියවර ගන්නා බවයි ශ්‍රී ලංකන් සමාගම නිවේදනය කලේ.

මේ සම්බන්ධයෙන් ගුවන් මගීන් දැනුවත් කිරීමට ගුවන්තොටුපලේ ඇතුලුවීමේ පර්යන්තයේ ද කටයුතු යොදා ඇති බව ඔවුන් ප්‍රකාශ කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories