මොසුල් නගරයේ සිවිල් වැසියන් ලක්ෂ 7ක් සිරවේ

Wednesday, 19 October 2016 - 7:53

%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගැනීම සඳහා පවතින සටනේදී I.S ත්‍රස්තයන් සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගන්නා බවට ඇමරිකාව චෝදනා කරනවා.

මෝසුල් නගරය අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින්නේ 2014 වසරේ සිටයි.

ලක්ෂ 7කට අධික පිරිසක් I.S ත්‍රස්තයන් රදවාගෙන සිටින බවයි ඇමරිකානු වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාකයේ I.S ත්‍රස්තයන් සතුව පවතින අවසන් ප්‍රධාන බලකොටුව ලෙස සැලකෙන මොසුල් මුදා ගැනීම සඳහා ඇමරිකානු සහය ඇතිව ඉරාක රජයේ හමුදා මීට දින කිහිපයකට පෙර ප්‍රබල මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ අනුව මේ වන විට දිගින් දිගටම I.S ත්‍රස්තයන් පසුබසිමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.  

මෙහෙයුම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවනින් සහාය ලබා දෙනවා.

ඉරාක හමුදා ප්‍රධානින් ප්‍රකාශ කලේ ගැටුම් හේතුවෙන් එක් සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි.

මජ් නගරයේ මෙහෙයුම් වලදී අයි එස් සටන්කාමීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

භූගත උමගක් තුල සිට අයි එස් සටන්කාමියෙකු ප්‍රහාරයක් එල්ල කර අනතුරුව සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කර සියදිවි නසාගන්නා ආකාරය CNN මාධ්‍යවේදීන්ගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබුනා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories