නොවැම්බර් මස අග දක්වා ගිගුරුම් සහිත වැසි

Wednesday, 19 October 2016 - 12:55

%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B6%9C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනට බලපා ඇති අන්තර් නිවර්තන අභිසාරි කලාපය හේතුවෙන් නොවැම්බර් මස අවසානය දක්වා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසිත් සමග අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසුරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම, උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල - බෙන්තොට වත්ත ප්‍රදේශයටයි.

එය මිලිමීටර් 87 ක්.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන රිය ධාවනය කරන්නැයි අධිවේගී මාර්ග පාලන මැදිරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories